Ultimate magazine theme for WordPress.

නෙදර්ලන්තයත් ශ්‍රී ලංකාව අභිබවා යයි; ලංකාව සුපර් ලීගයේ අවසන් තැනට ඇද වැටෙයි

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ අවසන් ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම අද පහතට ඇද වැටුණා.

ඒ, සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීම හේතුවෙන්.

එය නෙදර්ලන්ත කණ්ඩායම සුපර් ලීගය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයයි.

අද ලැබූ ජයත් සමග නෙදර්ලන්තයට ප්‍රසාද ලකුණු 10ක් හිමිව ඇති අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 8ක් පමණයි.

Utrecht හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 195ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
  9. නෙදර්ලන්තය : තරග 1 – ප්‍රසාද ලකුණු 10
  10. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  11. අයර්ලන්තය : තරග 7 – ප්‍රසාද ලකුණු 10
  12. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)
  13. ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8 (දඩුවම් ලකුණු 2ක්)
Leave a comment