Ultimate magazine theme for WordPress.

නීරෝධායනය වන අතරතුර මහේල LPL ගැන කියූ දේ

යොවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ඒ, newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින්.

උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩා කිරමින් දක්ෂතා දැක්වීම සදහා මෙය තරුණ ක්‍රීඩකයින්ට මනා අවස්ථාවක් උදා කර දෙන බව ඔහුගේ අදහසයි.

වංසගත තත්ත්වයත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් නිසා නම් දැරූ ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වීම අපේක්ෂා කළ හැකි කරුණක් බව ද මහේල ජයවර්ධන කියා සිටියා.

අයි.පී.එල් තරගාවලියෙන් පසුව දිවයිනට පැමිණි මහේල මේ වන විට නිරෝධායන කාලසීමාවක් ගත කරන අතර, ඒ අතරතුර අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එල්.පී.එල් පළමු අදියර මෙම වසරේ පැවැත්වීමෙන් පසුව ලබන වසරේ සිට එය ක්‍රමයෙන් වඩාත් සාර්ථක වනු ඇති බවයි.

Leave a comment