Ultimate magazine theme for WordPress.

නීති උල්ලංඝනය කරමින් තරගය මැද ක්‍රීඩකයෙකු දුරකතන සංවාදයක

ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු ක්‍රීඩාංගනයේ දී ම දුරකතන ඇමතුමක් ලබා ගත් පුවතක් ස්විඩනයෙන් වාර්තා වනවා.

ඒ, ස්විඩන්හි ස්ටොක්හෝල්ම්හි පැවැත්වෙන පන්දුවාර 10යි 10 යුරෝපා ක්‍රිකට් තරගාවලිය (European Cricket Series) අතරතුර දී යි.

Alby Zalmi CC සහ Stockholm CC කණ්ඩායම් අතර පැවැති තරගයකදී මෙලෙස දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇත්තේ Alby Zalmi CC කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව සදහන්.

ඊට අදාළ ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් තිබෙනවා.

අයි.සී.සී නීති රීති ප්‍රකාරව තරගයක් අතරතුර දී එවැනි ක්‍රියාවක නිරත වීමට කිසිදු ක්‍රීඩකයෙකුට අවසර ලැබෙන්නේ නැහැ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුරෝපා ක්‍රිකට් කවුන්සලය විසින් අදාළ ක්‍රීඩකයාට නිල වශයෙන් අනතුරු ඇගවීමක් ද සිදු කර ඇති බව සදහන්.

Leave a comment