Ultimate magazine theme for WordPress.

නැමීබියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්

Innings Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හී දී පැවැත්නෙවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නැමීබියාවට ලබා දුන්නා.

ඒ අනුව නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 163 ක්.

ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 93 දී බිද වැටුණා. කෙසේ වෙතත්, අනතුරුව Jan Frylinck  හා JJ Smit සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ 7 වැනි කඩුල්ලට පන්දු 33 කින් ලකුණු 69 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

Frylinck ලකුණු 44(28) ක් හා Smit නොදැවී ලකුණු 31(16) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න හා වනිදු හසරංග කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඩිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ. ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවීමටයි පියවර ගැණුනේ.

Show Comments (1)