Ultimate magazine theme for WordPress.

නායක කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

කොරෝනා වෛරසය හේතුවෙන් අතර මඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය අද (10) යළි  ආරම්භ වුණා.

එහිදී සී.සී.සී. සහ රාගම කණ්ඩායම් කටුනායකදී ද, කෝල්ට්ස් සහ සැරසන්ස් කණ්ඩායම් ඕවල් පිටියේදී ද, යුද හමුදාව සහ එන්. සී. සී. කණ්ඩායම් සී.සී.සී. පිටියේදී ද,  බී.ආර්. සී. සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් එන්. සී. සී. පිටියේදී ද තරග වදිනවා.

මේ අතර, රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේ දී සී.සී.සී කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අද ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු 146කින් කුසල් මෙන්ඩිස් වාර්තා කළ ශතකයට හතරේ පහර 16ක් ඇතුළත්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ රාගම කණ්ඩායම වන අතර, ඔවුන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව සී.සී.සී පළමු ඉනිමේ දී යි කුසල් මෙන්ඩිස් මෙම ශතකය වාර්තා කිරීමට සමත් වුණේ.

කොරෝනා වෛරසයෙන් බලපෑම් ඇතිවීමෙන් පසු මෙරට ආරම්භ වූ පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වුණේ මෙම තරගාවලියයි.

එය එළඹෙන 27 වනදා අවසන් වනු ඇති.

කොරෝනා වෛරස් තත්ත්වයෙන් රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශයේ උපදෙස් යටතේ මෙම තරගාවලිය ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

තරගවලට ක්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති කරුණුවලට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා හඳුන්වා දී තිබෙන ප්‍රධාන කරුණු 4 ක් පිළිබඳව ද සියළුම කණ්ඩායම් දැනුවත් කර ඇති බව සදහන්.

පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාෂක යොදා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් – නාසය සහ මුඛය ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේ දී විනිශ්චයකරුවන් අත්වැසුම් පැළඳීම පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු වීම එම කරුණු අතර වනවා.

Leave a comment