Ultimate magazine theme for WordPress.

“නායකත්වය හරි අමාරු වැඩක්” – මහේල

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා යනු සහජයෙන්ම නායකයෙකු බව ශ්‍රී ලංකා හිටපු නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පවසනවා.

ඒ, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ සෝනි මාධ්‍ය ජාලය සමග සිදු කළ සංවාදයකට එක්වෙමින්.

“ඔහු ඇත්තෙන්ම සහජ නායකයෙක්. ඒවගේම ඔහු විශාල තොරතුරු ප්‍රමණයක් රැස් කරනවා. එය තමයි ඔහුගේ ශක්තිය.”

යනුවෙන් මහේල සදහන් කළා.

මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කළමණාකාරීත්වය අතර දීර්ඝ රැස්වීම් සිදු නොවන බව ද මහේල ජයවර්ධන කියා සිටියා.

“රෝහිට් බොහෝ තොරතුරු ලබා ගන්නවා. ඔහු කැමතියි විවිධ දේවල් දැන ගැනීමට. ඔහු ඒවා තරග අතරතුර දී යොදා ගන්නවා. තොරතුරු ලබා දෙන එක අපේ රාජකාරියක්. මොකද තරගයකට ගියාම නායකත්වය කියන දේ හරි අමාරු දෙයක්. මමත් ඒක කරලා තියෙනවා. සහජයෙන්ම අවශ්‍ය තිරණ ගැනීම සහ ක්‍රියාශීලී වීම අතින් රෝහිට් ඉදිරියෙන් ඉන්නවා.”

Leave a comment