Ultimate magazine theme for WordPress.

නාමන් ඕජා ක්‍රිකට් පිටියට සමු දෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක නාමන් ඕජා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට, එක්දින තරගයකට සහ 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කර තිබුණා.

2010 වසරේ දීයි ඔහු ඉන්දියාව වෙනුවෙන් සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කළේ.

ඔහු ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගය 2015 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ දී ක්‍රීඩා කළා.

පළමුපෙල තරග 146කදී නාමන් ඕජා රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9,753 ක්.

Leave a comment