Ultimate magazine theme for WordPress.

නව ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ජාතික තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සභාපතිධූරය යළිත් අසන්ත ද මෙල් මහතා විසින් දරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එම්.ඒ.ඩබ්ලියු.ආර්.මදුරසිංහ, ටී. නිල්මිනී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ එස්.එච්.යූ. කර්නයින් යන අය තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින්.

මෙම ජාතික තේරීම් කමිටුව සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a comment