Ultimate magazine theme for WordPress.

නව ක්‍රීඩා ඇමතිවරයෙකු පත් කෙරේ

නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම අමාත්‍යධූරයේ කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් සමග ඇති වූ පුරප්පාඩුව සදහායි.

හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විටත් සංචාරක හා ඉඩම් අමාත්‍යධූරයේ ද කටයුතු කරනවා.

මේ අතර, පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යධූරය සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් අද පස්වරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අදාළ අමාත්‍යධූරවල දිවුරුම් දී තිබෙනවා.

Leave a comment