Ultimate magazine theme for WordPress.

නවසීලන්ත සහ පාකිස්තාන තරගාවලි කල් දැමේ

සිය රටේ දී පැවැත්වීමට නියමිත එළඹෙන නවසීලන්ත සහ පාකිස්තාන තරගාවලි කල් දැමීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේ දී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබූ එංගලන්ත තරග සංචාරය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එළඹෙන ජූනි සහ ජූලි මාසවලදී අයර්ලන්තය සහ නවසීලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

එමෙන්ම පාකිස්තාන කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග දෙකක් පැවැත්වීමටයි  සැලසුම් කර තිබුණේ.

අයර්ලන්ත කණ්ඩායම තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් සදහා එංගලන්තයට පැමිණීමට නියමිත වූයේ සැප්තැම්බර් මාසයේ දී යි.

Leave a comment