Ultimate magazine theme for WordPress.

නවසීලන්ත සංචාරයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ADVERTISEMENT

එළඹෙන නවසීන්ත තරග සංචාරය සදහා වන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට මොසඩැක් හුසේන්, මොහෙමඩ් නයීම්, නසුම් අහ්මඩ් සහ අල් අමීන් හුසේන් නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දග පන්දු යවන ක්‍රීඩක ටයිජුල් ඉස්ලාම් මෙම සංචිතයට නම් කර නොමැති අතර, මීට පෙර අප වාර්තා කළ ආකාරයට ශකිබ් අල් හසාන් පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මෙම සංචාරය සදහා නම් කර නැහැ.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායම ලබන 24 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment
x