Ultimate magazine theme for WordPress.

නවසීලන්ත පුහුණු කාර්යය මණ්ඩලයට නව පත් කිරීම් 4ක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය සදහා තාවකාලික පදනම යටතේ නව පත් කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එංගලන්ත හිටපු ක්‍රීඩකයින් වන ඉයන් බෙල් හා ජේම්ස් ෆෝස්ටර්, නවසීලන්ත හිටපු නායකයෙකු වන ස්ටීවන් ෆ්ලෙමින්ග් හා පාකිස්තාන හිටපු ක්‍රීඩක සක්ලීන් මුස්තාක් පුහුණු කාර්යය මණ්ඩලය සදහා ඉදිරි මාස 4 ක කාලය වෙනුවෙන් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී එළඹෙන 30 වැනිදා සිට එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ඉයන් බෙල් කටයුතු කිරීමට නියමිතයි.

අනතුරුව එංගලන්තයට එරෙහිව හා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියන් හී දී කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස බෙල් කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, මේ වන විට දීර්ඝ කාලීනව ගිවිසුම්ගත වී සිටින පුහුණුකරුවන් ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වීමට නියමිතයි. ඒ අනුව, ප්‍රධාන පුහුණුකරු වන ගැරී ස්ටීඩ්, සහාය පුහුණුකරු වන ලුක් රොන්චි මෙන්ම Shane Jurgensen ද ලෝක කුසලාන තරගාවලියට එක් වනු ඇති.

ජේම්ස් ෆෝස්ටර් එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී හා ලෝක කුසලාන තරගාවලියේ දී සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී පුහුණුකරුවෙකු ලෙස ස්ටීවන් ෆ්ලෙමින්ග් කටයුතු කිරීමට නියමිත අතර, ලෝක කුසලානයෙන් පසුව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දී සක්ලීන් මුස්තාක් සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියට පෙර බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් හා ලෝක කුසලානයෙන් පසුව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් විවේක ගන්වා තිබෙනවා. එම තරගාවලියන්හි වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස රොන්චි කටයුතු කිරීමට නියමිතයි.

NZ Coaching set-up breakdown for away tours:

  • England T20Is (Aug 30 – 5 Sept): Gary Stead, Luke Ronchi, Shane Jurgensen, Ian Bell
  • England ODIs (Sept 8-15): Gary Stead, Shane Jurgensen, Ian Bell, James Foster/Stephen Fleming
  • Bangladesh ODIs (Sept 21-26): Luke Ronchi, Shane Jurgensen, Ian Bell
  • Cricket World Cup (Oct/Nov): Gary Stead, Luke Ronchi, Shane Jurgensen, James Foster
  • Bangladesh Tests (Nov 28 – 10 Dec): Luke Ronchi, Saqlain Mushtaq, bowling coach TBC
Leave a comment