Ultimate magazine theme for WordPress.

නවසීලන්ත ටෙස්ට් ක්‍රීඩකයින් රැසක් එංගලන්තයට

එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් නවසීලන්ත ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් පිරිසක් එංගලන්තය වෙත පැමිණ තිබෙනවා.

එම ක්‍රීඩකයින් සහ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් ඔක්ලන්ඩ් නුවර සිට සිංගප්පූරුව හරහා ලන්ඩන් නුවර වෙත ළගා වූ බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන් පළමු සති දෙකක කාලය රැදී සිටින්නේ සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගන පරිශ්‍රයේයි.

මෙම තරග සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට සහ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට (ඉන්දියාවට එරෙහිව) ක්‍රීඩා කිරීමට නියමිතයි.

එංගලන්තයට එරෙහි ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට අයත් ක්‍රීඩකයික් 9 දෙනෙකු තවමත් එංගලන්තයේ දී සෙසු ක්‍රීඩකයින් සමග එක් වී නැහැ.

අද(17) දිනයේ දී බී.ජේ වොට්ලින්, ටිම් සවුති, රෝස් ටේලර් සහ නෙයිල් වැග්නර් ද ඔක්ලන්ඩ් නුවරින් එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණා.

එමෙන්ම අයි.පී.එල් තරගාවලියට එක් වීමෙන් පසුව මාලදිවයිනේ මෙතෙක් රැදී සිටි නායක කේන් විලියම්සන්, ක්යිල් ජමිසන් සහ මිචෙල් සැන්ට්නර් ද එංගලන්තට පැමිණීමට නියමිතව ඇත්තේ අද දිනයේ දී යි.

මේ වන විට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්ව සිටින විල් යන්ග් ද අද දිනයේ දී සවුත්හැම්ටන් වෙත ළගා වනු ඇති.

අයි.පී.එල් තරගාවලියට එක් වූ ට්‍රෙන්ට් බෝල්ට් මේ වන විට නවසීලන්තයට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටින අතර, අනතුරුව ඔහු සිය නිවස බලා පිටත්ව යාමට නියමිතයි.

නවසීලන්ත ටෙස්ට් සංචිතය -

Kane Williamson (c), Tom Blundell, Trent Boult, Doug Bracewell, Devon Conway, Colin de Grandhomme, Jacob Duffy, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ajaz Patel, Rachin Ravindra, Mitchell Santner, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling (wk), Will Young

ජූනි මස මුලදී යළි ඔහු ටෙස්ට් සංචිතය සමග සම්බන්ධ වන බවත් ‍ඒ හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එංගලන්තයට පැමිණි ක්‍රීඩකයින් පළමු දින තුන තුළදී හෝටල් කාමර තුළම නිරෝධායනයට ලක් වීමට නියමිතයි.

නවසීලන්ත සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයක් ලබන 26 වනදා ආරම්භ වන අතර, එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ලබන දෙවනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment