Ultimate magazine theme for WordPress.

නවසීලන්තය 55/5 – ලකුණු 117ක් පිටුපසින්

Day 1 Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද මීර්පූර් හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 55 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටියා.

ටොම් ලේතම් ලකුණු 4කටත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 11කටත්, කේන් විලියම්සන් ලකුණු 13 කටත්, හෙන්රි නිකල්ස් එක් ලකුණකටත්, ටොම් බ්ලන්ඩල් ලකුණු නොලබාත් දැවී ගියා.

ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 12 ක් හා ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 5 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් කඩුලු 3 ක් හා තයිජුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත්තා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුවන් බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 35 කට දැවී ගියා. ශහඩට් හොසේන් ලකුණු 31 ක් හා මෙහිදි හසාන් මිරාස් ලකුණු 20 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ග්ලේන් පිලිප්ස් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් රැදී සිටින ලකුණු සංඛ්‍යාව 117ක්.

Leave a comment