Ultimate magazine theme for WordPress.

නවසීලන්තය යළි ටෙස්ට් ලොව පෙරමුණ ගනියි

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(13) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව එහි පෙරමුණ ගැනීමට යළි සමත්ව ඇත්තේ නවසීලන්තයයි.

ඒ, අද එංගලන්තයට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් වීමත් සමගයි.

මෙතෙක් පෙරමුණේ පසු වූ ඉන්දියාවට නවතම ශ්‍රේණිගත කිරීම් අනුව හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

නවසීලන්තයට ප්‍රසාද ලකුණු 123ක් හිමිව ඇති අතර, ඉන්දියාවට ප්‍රසාද ලකුණු 121ක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව එහි 8 වැනි ස්ථානයේ පසුවනවා.

Leave a comment