නවසීලන්තයේ ජයග්‍රහනයෙන් පසු වෙනස් වූ ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට නවසීලන්තය සමත්ව තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමග අද(11) නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ඉනිමක ජයක් ලැබීමත් සමගයි.
33.33%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන නවසීලන්තයේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය දැක්වෙන්නේ 16ක් වශයෙන්.
ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
100% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 24ක්.
බංග්ලාදේශය 7 වැනි ස්ථානයේත්, එංගලන්තය අවසන් ස්ථානයේත් පසුවනවා.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
🇳🇿 New Zealand climb up the #WTC23 table after claiming 12 crucial points in the second Test against Bangladesh.#NZvBAN pic.twitter.com/RZW59wx8Ya
— ICC (@ICC) January 11, 2022