Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට ඓතිහාසික ජයක් ලබා දුන් නායකයා මියයයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ජෝන් රෙයිඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිලිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියයන විට 92 වන වියේ පසු වුණා.

නවසීලන්තය නියෝජනය කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ජෝන් රෙයිඩ් 1959 වසරේ දී විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුණා.

1956 වසරේ දී නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් ඉතිහාසයේ තම පළමු ජයග්‍රහනය වාර්තා කරන අවස්ථාවේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ජෝන් රෙයිඩ්.(බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව)

ටෙස්ට් වරම් හිමි වූ 1930 වසරේ සිට වසර 26ක් පුරා ලැබූ පරාජයන්ගෙන් අනතුරුවයි නවසීලන්ත කණ්ඩායම එම ජයග්‍රහනය වාර්තා කළේ.

අදාළ තරගයේ පළමු ඉනිමේ දී නායක ජෝන් රෙයිඩ් ලකුණු 84ක් රැස් කළා.

ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 58න් තරග 34ක දී ම කණ්ඩායමේ නායකයා ලෙස ද ජෝන් රෙයිඩ් කටයුතු කර තිබුණා.

ක්‍රීඩා පිටියෙන් සමු ගැනීමෙන් පසුව ඔහු ටෙස්ට් තරග 50කදී සහ එක්දින තරග 98කදී අයි.සී.සී තරග තීරකවරයෙකු ලෙස ද කටයුතු කළා.

Leave a comment