Ultimate magazine theme for WordPress.

නවතම 20යි 20 ලීගයේදී චන්දිමාල්, අවිශ්ක හා අසේලගෙන් විශිෂ්ඨ ඉනිම්

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Army Commander’s League 20යි 20 තරගාවලියේ දෙවැනි දිනයේ දී(6) ජයග්‍රහන වාර්තා කිරීමට  තිසර පෙරේරා නායකත්වය දරන Western Warriors කණ්ඩායම සහ  අසේල ගුණරත්ණගේ නායකත්වයෙන් යුත් Eastern Warriors කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ Southern Warriors සහ Northern Warriors කණ්ඩායම්.

Western Warriors කණ්ඩායම සහ Southern Warriors  කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Southern Warriors  කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත්තා.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 66ක් රැස් කළේ පන්දු 43කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින්.

වනිදු හසරංග ලකුණු 26යි.

පන්දු යැවීමේ දී සචින් තිලකරත්න කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Western Warriors කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 48කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 57ක් ලබා ගත්තා.

නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 17යි.

ඒ අනුව මෙම තරගයෙන් Western Warriors කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි වුණා.

අනෙක් තරගය Northern Warriors සහ Eastern Warriors කණ්ඩායම් අතර පැවැත්වුණේ ද එම ක්‍රීඩාංගනයේ දී ම යි.

එම තරගයෙන් ලකුණු 91ක ජයක් Eastern Warriors කණ්ඩායම සතු වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Eastern Warriors කණ්ඩායම කඩුලු 6කට ලකුණු 189ක් ලබා ගත්තේ හිමාෂ ලියනගේ නොදැවී ලබා ගත් ලකුණු 73න් සහ නායක අසේල ගුණරත්න රැස් කළ ලකුණු 45න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ජනක සම්පත් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 23ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Northern Warriors කණ්ඩායමට පන්දුවාර 18.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි.

දසුන් ශානක ලකුණු 31ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 27කට කඩුලු 4ක් බිද හෙලුවා.

මෙම තරග දෙක තුල විශිෂ්ඨ අන්දමේ උඩ පන්දු රැකගැනීම් දෙකක් වාර්තා වී තිබුණා.

දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමට ලක්ෂාන් එදිරිසිංහ විසින් එක් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තා.

එමෙන්ම අශාන් රන්දිකගේ කඩුල්ල දවා ගැනීම සදහා ආර්. තෙනුදරන් විසින් රැක ගත් උඩ පන්දුව ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

එම උඩ පන්දු දෙක පහතින් නරඹන්න –

Leave a comment