Ultimate magazine theme for WordPress.

නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ – ශ්‍රී ලංකාව ස්ථානයකින් පහතට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වාර්ෂිකව යාවත්කාලීන කරන ලද එක්දින සහ 20යි 20 ශ්‍රේණිගත කිරීම් අද(2) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි එක්දින ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

ඒ අනුව 8 වන ස්ථානයේ රැදී සිටි ඔවුන්ට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.

ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 47ක්.

මෙතෙක් 9 වන ස්ථානයේ සිටි බංග්ලාදේශයට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ඔස්ට්‍රේලියාවට තවදුරටත් හිමිව තිබෙනවා.

එහි 5 වන ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, 4 වන ස්ථානයේ රැදී සිටි නවසීලන්තය 5 වන ස්ථානය දක්වා පසුබැස ඇති බව සදහන්.

මේ අතර, යාවත්කාලීන කළ නවතම 20යි 20 ශ්‍රේණිගත කිරීම්ද අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඊට අනුව ශ්‍රී ලංකාවට තවදුරටත් එහි 8 වන ස්ථානයම හිමිව තිබෙනවා.

ඕට්‍රේලියාව එහි තවදුරටත් පෙරමුණේ පසුවන අතර, සිව්වන ස්ථානයේ පසු වූ ඉන්දියාව 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ මෙතෙක් තෙවැනි ස්ථානයේ රැදී සිටි නවසීලන්තය සිව්වන ස්ථානයට පත් කරමින්.

නවතම ශ්‍රේණිගත කිරීම් –

ICC
ICC

 

Leave a comment