Ultimate magazine theme for WordPress.

නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණ යළි හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තයට එරෙහි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ලැබූ තරග 4-0ක ජයග්‍රහනය හේතුවෙන්.

මීට පෙර ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ රැදී සිටි අතර, නවසීලන්තය තවදුරටත් දෙවැනි ස්ථානයේම රැදී සිටිනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 1-2ක් ලෙස පරාජයට පත් වූ ඉන්දියාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අහිමි වී ඇති අතර, ඔවුන් මේ වන විට රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේ යි.

ඉන්දියාවට එරෙහිව ලැබූ ජයග්‍රහනය හේතුවෙන් දකුණු අප්‍රිකාව ද ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ පස්වැනි ස්ථානය දක්වායි.

පාකිස්තානය 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

ශ්‍රී ලංකාව(7), බටහිර ඉන්දීය කොදෙව්(8), බංග්ලාදේශය(9), සිම්බාබ්වේ(10), ඇෆ්ඝනිස්තානය(11) හා අයර්ලන්තය(12) තවදුරටත් ඔවුන් මීට පෙර රැදී සිටි ස්ථානවලම රැදී සිටිනවා.

Leave a comment