Ultimate magazine theme for WordPress.

නයිට් රයිඩර්ස් කණ්ඩායම ටිම් ඩේවිඩ් හා ජේසන් රෝයි සමග ගිවිසුම්ගත වෙයි

Trinbago Knight Riders කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ් හා එංගලන්තයේ ජේසන් රෝයි සමග 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

එමෙන්ම එම කණ්ඩායම විසින් එළඹෙන තරග වාරය වෙනුවෙන් අන්ඩ්‍රි රසල්, සුනිල් නරායන්, කයිරන් පොලාඩ්, නිකලස් පූරාන් හා ඩ්වේයන් බ්‍රාවෝ වැනි දේශීය ක්‍රීඩකයින් ද සිය සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

දග පන්දු යවන ක්‍රීඩක අකීල් හොසේන් ද නයිට් රයිඩර්ස් සංචිතයේ රදවා ගෙන තිබෙනවා.

එමෙන්ම වේග පන්දු යවන්නන් වන ජෙයිඩ්න් සීල්ස් හා Terrance Hinds මෙන්ම පිතිකරුවන් වන Mark Deyal හා Keacy Carty ද නයිට් රයිඩර්ස් සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් හා ඇමෙරිකාවේ අලී ඛාන්, මෙන්ම වමත් දග පන්දු යවන ක්‍රීඩක ඇෆ්ඝනිස්තානයේ Waqar Salamkheil යන විදෙස් ක්‍රීඩකයින් ද ඔවුන් සිය සංචිතයේ රදවා ගෙන තිබෙනවා.

ඒ අනුව නයිට් රයිඩර්ස් සංචිතයේ මේ වන විට ක්‍රීඩකයින් 15 දෙනෙකු රැදී සිටින අතර, ජූලි මාසයේ පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) දී ඔවුන්ට තවත් තෝරා ගැනීමට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි.

Retained and signed players :

Kieron Pollard, Andre Russell, Sunil Narine, Nicholas Pooran, Tim David, Jason Roy, Akeal Hosein, Dwayne Bravo, Waqar Salamkheil, Jayden Seales, Josh Little, Ali Khan, Mark Deyal, Keacy Carty, Terrence Hinds

Leave a comment