Ultimate magazine theme for WordPress.

නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය මෙවරත් පොලාඩ්ට

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර තරග වාරයේ දී ද ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරිමේ වගකීම කොදෙව් නායක කිරන් පොලාඩ්ට හිමිව තිබෙනවා.

නිත්‍ය නායකයා වූ ඩ්වේයන් බ්‍රාවෝට පසුගිය වසරේ තරග වාරය ආබාධයක් හේතුවෙන් අහිමි වීම පදනම් කර ගනිමින් පෝලාඩ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු අතර, ඔහු එම වසරේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් වටය දක්වා රැගෙන යාමට සමත් වුණා.

ඩ්වේයන් බ්‍රාවෝ 2017 සහ 2018 වසරවලදී කණ්ඩායමේ නායකත්වය දරමින් කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය ද නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි කර දීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ඔහු ඉදිරියේ දී ක්‍රීඩකයෙකු ලෙස සිය දක්ෂතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇති බව සදහන්.

බ්‍රාවෝ ඉදිරියේ දී කණ්ඩායම් උප නායකයා ලෙස කටයුතු කරනු ඇති.

මෙවර CPL තරගාවලිය එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment