Ultimate magazine theme for WordPress.

නටරාජන්ට ඉදිරි IPL තරග අහිමි වන ලකුණු

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

ටී.නටරාජන් මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළේ තරග 2ක් පමණයි.

ආබාධය හේතුවෙන් ඔහුට බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත වාර්තා කරන ලෙසට උපදෙස් ලැබෙනු ඇති බව සදහන්.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු කරනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා ද ආබාධයකට ලක්ව සිටි බවත්, මේ වන විට ඔහු සුවය ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Leave a comment