Ultimate magazine theme for WordPress.

ධම්මික ප්‍රසාද් සමු ගැනීම තහවුරු කරයි

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසනවා.

මීට පෙර ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් ඉගි පල කළ බව අප ඔබට වාර්තා කළා. Also Read : ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියට සමු දීමේ තීරණයක

37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25කට, එක්දින තරග 24කට සහ එක් 20යි 20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර තිබුණා.

ටෙස්ට් පිටියේ දී කඩුලු 75ක් බිද හෙලූ ඔහු එක්දින තරගවලදී බිද හෙලා ඇති කඩුලු ගණන 32ක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කළේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී යි.

පළමු පෙල තරග 130කදී ධම්මික ප්‍රසාද් බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 351ක්.

Leave a comment