ධනුෂ්ක ටෙස්ට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
30 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර තිබෙනවා.
ලබන ජූනි මාසය තෙක් ඔහුට ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇත්තේ එංගලන්ත තරග සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමේ සිදුවීම හේතුවෙන්.