Ultimate magazine theme for WordPress.

ධනංජයගේ වෛද්‍ය වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට සති දෙකක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග ඊයේ(26) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පිතිකරණයේ නිතර වෙමින් සිටියදී ඔහු මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

ලකුණක් කරා පැති මාරු කර ගැනීමේදී ධනංජය මෙලෙස පාදයක ආබාධයකට ලක් වුණා.

අනතුරුව ඔහු වෛද්‍ය පරීක්ෂණවලට ද යොමු කෙරුණු අතර, එහි ප්‍රතිපල අනුව ධනංජය ද සිල්වාට සති දෙකක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ඔහුට මෙම තරගයේ දී යළි පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව ද අහිමි වනු ඇති.

ආබාධය නිසා පිටියෙන් ඉවත්ව යන විට ධනංජය ද සිල්වා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79ක්.

Leave a comment