දෝනිගේ දෙමව්පියන්ටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ දෙමව්පියන් රංචිහි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
ඒ, ඔවුන් දෙදෙනාට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
දෝනි මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඔහු මුම්බායිහි රැදී සිටිනවා.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ ද සාර්ථකම නායකයෙකු ලෙස සැලකෙන එම්.එස් දෝනි චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මේ වන විට තරග 200කටත් අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙනවා.