Ultimate magazine theme for WordPress.

දෝනිගේ දියණියට අපයෝජන තර්ජන කළ පාසල් සිසුවා අත්අඩංගුවට

ඉන්දීය හිටපු නායක සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ දියණියව අපයෝජනයට ලක් කරන බවට තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

16 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස ගුජරාට් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම සිසුවා තමා අදාළ තර්ජනය සිදු කළ බවට මේ වන විට පිළිගෙන ඇති බව ද සදහන්.

පසුගිය දා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 10ක පරාජයක් ලැබීමෙන් අනතුරුවයි මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිද වන සාක්ෂි දෝනිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පණිවිඩයක් යොමු කරමින් ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය අපයෝජනයට ලක් කරන බවට මෙම සිසුවා විසින් මෙලෙස තර්ජනය කර තිබුණා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මහේන්ද්‍ර සිං දෝනි ඉහළ දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම මෙම තර්ජනයට හේතු වී තිබෙනවා.

Leave a comment