Ultimate magazine theme for WordPress.

දෙවැනි PCR ප්‍රතිපල එයි, ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියට බලපෑමක් නැහැ

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දිනයේ දී නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ප්‍රකාශ කෙරුණු ඉසුරු උදාන සහ චමින්ද වාස් දෙවන PCR පරීක්ෂණයෙන් සමත්වීමත් සමගයි.

කෙසේ වෙතත්, වාර්තාවන ආකාරයට ශිරාන් ප්‍රනාන්දුට සිදු කළ දෙවැනි PCR පරීක්ෂණයෙන් ද අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඔහුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ පසුබිමකයි මෙලෙස යළිත් වෛරසය ශරීරගත වී ඇති බවට පරීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව එය සාමාන්‍ය සිදුවීමක් බවට කණ්ඩායමේ වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.

Leave a comment