Ultimate magazine theme for WordPress.

දෙවැනි එක්දින තරගයේ දී කළ කාමුක ප්‍රකාශයට කාර්තික් ප්‍රසිද්ධියේ සමාව ගනියි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ විස්තර විචාරයේ නිරතව සිටින අතරවාරයේ දී තමා සිදු කළ කාමුක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික් පවසනවා.

ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි එක්දින තරගයේ විස්තර විචාරයේ නිරත වෙමින් සිටියදීයි ඔහු එලෙස සමාව ඉල්ලා සිටියේ.

දෙරට අතර පැවැති දෙවැනි තරගයේ දී දිනේෂ් කාර්තික් විසින් ක්‍රිකට් පිත්ත සහ අසල්වැසියාගේ බිරිද සංසන්දනය කරමින් ප්‍රකාශයක් සිදු කළා.

“බොහෝ පිතිකරුවන් ඔවුන්ගේ පිතිවලට කැමති බවක් නොපෙනේ. එක්කෝ ඔවුන් වෙනත් පුද්ගලයෙකුගේ පිත්තකට කැමතියි. පිත්ත අසල්වැසියාගේ බිරිඳ හා සමානයි. ඔවුන් සෑම විටම හොඳ යැයි හැඟේ” යනුවෙන් කාර්තික් පැවසුවා.

මෙම ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි එක්දින තරගය අතරතුර දී දිනේෂ් කාර්තික් අදාළ ප්‍රකාශය සිදු කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියා.

“මට ගොඩක් කනගාටුයි. එය නැවත සිදු නොවිය යුතුයි. එය පැවසීම නිසා මගේ බිරිඳගෙන් සහ මවගෙන් මට දැඩි විවේචනයක් එල්ල වුණා.” යනුවෙන් දිනේෂ් කාර්තික් සදහන් කළා.

Leave a comment