Ultimate magazine theme for WordPress.

දෙවන තරගයට ප්‍රේක්ෂක සහභාගීත්වය ස්ථීර වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ප්‍රේක්ෂක සහභාගීත්වය සහිතව පැවැත්වීමට කටයුතු කරන බව තමිල්නාඩු ක්‍රිකට් සංගමය පවසනවා.

ඒ අනුව අදාළ තරගය නැරඹීම සදහා චෙන්නායි ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 50%ක ප්‍රේක්ෂක පිරිසකට පමණක් අවසර ලබා දී ඇති බවයි තමිල්නාඩු ක්‍රිකට් සංගමය සදහන් කළේ.

කෙසේ වෙතත්, චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නැරඹිම සදහා ප්‍රේක්ෂකයින්ට අවසර හිමි වන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 13 වනදායි.

Leave a comment