Ultimate magazine theme for WordPress.

දෙවන ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව පසු බසියි

Day 1 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 1ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.

ඩීන් එල්ගර් නොදැවී ලකුණු 92ක් සහ රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 40ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ දැවී ගිය කඩුල්ල බිද හෙලනු ලැබුවේ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අසිත ප්‍රනාන්දු විසින්.

ඔහුගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 5ක් ලබා සිටි ඒඩ්න් මාක්‍රම්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

කුසල් ජනිත් ලකුණු 60ක් ලබා ගත් අතර, වනිදු හසරංග ලකුණු 29ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවිමේ දී Anrich Nortje කඩුලු 6ක් දවා ගත් අතර, වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 9ක්.

Leave a comment