Ultimate magazine theme for WordPress.

දෙදෙනෙක් යෝග්‍යතා පරීක්ෂණය අසමත්

බංග්ලදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු අසමත් වී ඇති බව වාර්තා වනවා.

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත්තේ.

එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය ද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ශකිබ් අල් හසාන් ද එම සංචිතයට කැදවා තිබූ අතර, නජ්මුල් හුසේන් ශන්ටෝ ඊට නම් නොකිරීමටයි පියවර ගෙන තිබුණේ.

Leave a comment