Ultimate magazine theme for WordPress.

දුෂ්මන්ත, වනිදු සම තැනට – සදකැන් හා ධනංජයත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 61 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින්.

මීට පෙර දුෂ්මන්ත චමීර ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටියේ 72 වන ස්ථානයේයි.

වනිදු හසරංග ස්ථාන 8කින් ඉදිරියට පැමිණ ඇති අතර. ඔහු ද මේ වන විට රැදී සිටින්නේ 61 වන ස්ථානයේමයි.

ධනංජය ද සිල්වා 83 වන ස්ථානය දක්වා ද, ලක්ෂාන් සදකැන් 94 වන ස්ථානය දක්වා ද ස්ථාන 9 බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Leave a comment