Ultimate magazine theme for WordPress.

දුෂ්මන්ත ඊළග තරගයට ක්‍රීඩා කරයි : පැතුම් නිස්සංක

සිම්බාබ්වේ කණ්ඩායම සමග අද(16) නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කොවිඩ් 19 ආසාදනය වී මේ වන විට සුවය ලබා ඇතත්, දුෂ්මන්ත චමීර අද තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු අනිද්දා(18) පැවැත්වෙන දෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වනු ඇති බවයි පැතුම් නිස්සංක කියා සිටියේ.

මේ අතර, අද තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරට එක් පන්දුවාරයක් පමණක් යොමු කිරීමට සිදු වූයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි පැතුම් මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

Leave a comment