දිල්ලි කැපිටල්ස් අවසන් වටයට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) තේරී පත් වූ දෙවැනි කණ්ඩායමට බවට පත් වීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, සිකුරාදා (1) පැවැති මෙවර තරගාවලියේ 45 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්වීම හේතුවෙන්.
මේ වන විට දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 16කට හිමිකම් කියමින්.
ඒ අනුව ඉදිරියේ දී දිල්ලි කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග තුනම ඔවුන් පරාජයට පත් වුවද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ වන විට උදා වී තිබෙනවා.
ඒ, ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු 16 සීමාවට ළගා වීමට මේ වන විට හැකියාව පවතින්නේ මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම්වලට පමණක් වීම හේතුවෙන්.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ද අවසන් වටයේ ස්ථානයක් මේ වන විටත් හිමි කර ගෙන අවසන්.
A look at the Points Table after Match 45 of #VIVOIPL.
Which two teams do you reckon will join #CSK and #DelhiCapitals out there? pic.twitter.com/AuxGtgMXtk
— IndianPremierLeague (@IPL) October 1, 2021