දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
කෙසේ වෙතත්, ඔහු තවදුරටත් දේශීය තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
ටෙස්ට් පිටියේ දී අවම තරග සංඛ්‍යාවකින් කඩුලු 100ක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ දිල්රුවන් පෙරේරා.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43කට, එක්දින තරග 13කට හා 20යි 20 තරග 3කට ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු දවා ගත් ටෙස්ට් කඩුලු ගණන 161ක්.