Ultimate magazine theme for WordPress.

දින 507කට පසු ඇරඹෙන පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන ලකුණු

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද(14) ආරම්භ වනවා.

පළමු තරගය පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ගාල්ල ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ දී ම වර්ෂාව ඇද හැලීම හේතුවෙන් මෙම තරගය සදහා ද වර්ෂාවෙන් බලපෑමක් එල්ල වීමේ දැඩි අවධානමක් පවතිනවා.

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සහ පසුගිය 11 වනදා සිය පුහුණුවීම් කටයුතුවල ද නිරත වීමේ අවස්ථාව අහිමි වුණා.

පෙරේදා දිනයේදී ද වර්ෂාවෙන් බාධා එල්ල වුවත් ශ්‍රී ලංකා පිල සිය පුහුණුවීම් කටයුතුවල නිරත වීමටයි කටයුතු කළේ.

මේ අතර, ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එංගලන්ත නායක ජෝ රූට් සඳහන් කළේ එංගලන්ත සංචිතයේ සිටින ජැක් ලීච් සහ ඩොම් බෙස්, දඟ පන්දු යවන්නන් ලෙසින් ඔවුන්ට පැවැරී ඇති වගකීම ඉටු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත්, දග පන්දුවෙන් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමේ හැකියාවක් ද සහිත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මෙවර තරගාවලියේ තරග දෙකම අහිමි වනු ඇති බව වාර්තා වනවා.

එංගලන්තය සමගින් ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව දින 507කට පසුව මෙරට දී ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර තරග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට ද මෙම තරගාවලිය පත් වනු ඇති.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් මෙම තරගාවලිය පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙනුයි තරගාවලිය කල් දැමීමට සිදු වුණේ.

අවසන් වරට දෙරට අතර මෙරට දී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ එංගලන්ත කණ්ඩායමයි.

SRI LANKA SUQAD :

Dimuth Karunaratne (C), Kusal Janith Perera, Dinesh Chandimal, Kusal Mendis, Angelo Mathews , Oshada Fernando, Niroshan Dickwella, Minod Bhanuka, Lahiru Thirimanne, Lasith Embuldeniya, Wanindu Hasaranga, Dilruwan Perera, Suranga Lakmal, Lahiru Kumara, Vishwa Fernando, Dushmantha Chameera, Dasun Shanaka, Asitha Fernando, Roshen Silva, Lakshan Sandakan, Nuwan Pradeep, Ramesh Mendis

ENGLAND SUQAD :

Joe Root (c), Moeen Ali , James Anderson , Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler , Zak Crawley , Sam Curran , Ben Foakes , Dan Lawrence, Jack Leach , Dom Sibley , Olly Stone , Chris Woakes , Mark Wood
Reserves : James Bracey , Mason Crane , Saqib Mahmood , Craig Overton , Matthew Parkinson, Ollie Robinson, Amar Virdi

Leave a comment