Ultimate magazine theme for WordPress.

දිනකින් හෆීස්ගේ කොරෝනා වාර්තාව කණපිට හැරීමෙන් අර්බුදයක්

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට කොරෝනා වෛරසය වැළදී නොමැති බව මේ වන විට අණාවරණය වී තිබෙනවා.

තම පෞද්ගලික අවශ්‍යතාවය අනුව සිදු කළ දෙවැනි වෛද්‍ය පරීක්ෂණයෙන් මේ බව තහවුරු වූ බවයි මොහොමඩ් හෆීස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඔහු ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එළඹෙන එංගලන්ත තරග සංචාරයට එක් වන ක්‍රීඩකයින් 29 දෙනා සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්ෂණයේ දී මේ බව අණාවරණය වී තිබුණා.

කෙසේ වෙතත්, පසුව මොහොමඩ් හෆීස් සිය පවුලේ සාමාජිකයින් සමග පෞද්ගලිකව සිදු කළ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ ඔවුන් කිසිවෙකුත් එම වෛරසයට ගොදුරු වී නොමැති බවටයි.

නමුත් මේ සම්බන්ධයෙන් ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුවත් කර ඇත්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මේ අතර, හෙට දිනයේ දී (25) මීට පෙර පරීක්ෂණයේ දී කොරෝනා වෛරසයට ගොදුරු වූ බවට තහවුරු නොවූ ක්‍රීඩකයින් යළිත් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

එහිදී වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වන ක්‍රීඩකයින් පමණක් එළඹෙන 28 වනදා එංගලන්තය බලා පිටත්ව යනු ඇති.

කෙසේ වෙතත්, කොරොනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ක්‍රීඩකයින් දෙවැනි වටයේ වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කරන දිනයක් පිළිබද මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ අවම නීරෝධායන කාලයක් ඔවුන් ගත කිරීමෙන් පසුව යළි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන බවයි.

Leave a comment