Ultimate magazine theme for WordPress.

දසුන්ට අද අවස්ථාවක් ? තෙවැනි තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(14) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, පසුව අද තරගය ද දිවා තරගයක් ලෙස පවත්වන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේ.

පළමු තරග දෙකෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් මේ වන විටත් තරගාවලියේ ජය කොදෙව්වන් සතු වී අවසන්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සිය ගෞරවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ ලෝක කුසලාන ක්‍රිකට් සුපර් ලීගයේ (Cricket World Cup Super League) පළමු ජය වාර්තා කර ගැනීමේ අරමුණින් අද තරගයට පිවිසෙනු ඇති.

අද තරගය සදහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඇතැම් විට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

වීසා ගැටලුවක් හේතුවෙන් ඔහු එරටට ළගා වීම ප්‍රමාද වූ අතර, කොදෙව් දේශයට ළගා වීමෙන් පසුව ද නිරෝධායනයට ලක්ව සිටීම හේතුවෙන් මෙතෙක් පැවැති කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කිරීමට දසුන් ශානකට අවස්ථාව හිමි වූයේ නැහැ.

පැතුම් නිස්සංක පළමු තරග දෙකේ දී කැපී පෙනෙන දක්ෂතාවයක් නොදැක්වුව ද, ඔහුට තවත් අවස්ථාවක් මෙම තරගයේ දී හිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි අද තරගයට ක්‍රීඩා කළ හැකි බවට අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් –

Dimuth Karunaratne (c),Danushka Gunathilaka, Pathum Nissanka, Dinesh Chandimal (wk), Ashen Bandara, Oshada Fernando/Dasun Shanaka Thisara Perera, Wanindu Hasaranga, Lakshan Sandakan, Dushmantha Chameera, Nuwan Pradeep

Leave a comment