දඹුල්ල සංචිතයේ වෙනසක්

දඹුල්ල වයිකින්ග් සංචිතය සදහා මුල් පෙල පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම කැදවා තිබෙනවා.
ඒ, එම සංචිතයේ 22 වැනි ක්‍රීඩකයා ලෙසයි.
ඒ අනුව ඉදිරියේ දී ඔහු අතිරේක කඩුලු රකින්නෙකු ලෙස ද සංචිතය තුළ කටයුතු කරන බවයි දඹල්ල වයිකින්ග් කණ්ඩායම නිවේදනය කළේ.
එම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස මෙතෙක් කටයුතු කළේ නිරෝෂන් දික්වැල්ල පමණයි.
කෙසේ වෙතත්, සධීර සමරවික්‍රමට නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමෙන් අනතුරුවයි තරග ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව හිමි වන්නේ.