Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියාවට දඩ සමග දඩුවම් ලකුණු 4ක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යොමු කිරීම සදහා වැඩි කාලයක් ලබා ගැනීම හේතුවෙන්.

ටිම් පේන්ගේ  නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත කාලයේ දී පන්දුවාර දෙකක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පනවා ඇති අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව ඇති ලකුණුවලින් ලකුණු 4ක් කපා හැරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් විසින් මෙම දඩ පැනවීම සිදු කර තිබෙනවා.

නායක ටිම් පේන් විසින් වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment