Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා තරගයේ දී ජාතිවාදයට එරෙහි වෙයි

ශ්‍රී ලංකාව සමග අද(26) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ දී ජාති වාදයට එරෙහිව සහාය ලබා දීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

පුහුණුකරු මාර්ක් බවුචර් මේ බව තහවුරු කරමින් සදහන් කර ඇත්තේ සංචිතයේ සියලු ක්‍රීඩකයින් ඒ සදහා එකගතාවයකට එළඹුණු බවයි.

ඒ අනුව බිම දණගසා ඔවුන් ජාති වාදයට එරෙහි තම මතය ප්‍රකාශ කරනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව යළි ජාත්‍යත්තර තරග පිටියට පසුගිය මාසයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම පිවිසීමේ දී ‍ජාති වාදයට එරෙහිව සහාය ලබා දීමට ඔවුන් කටයුතු කළේ නැහැ.

ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව පවසමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුව නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි දකුණු අප්‍රිකාව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Leave a comment