Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ක්‍රිකට් අර්බුදය : “මෙය රජයේ මැදිහත් වීමක් නොවේ” – SASCOC කියයි

ADVERTISEMENT

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය හා ඔලිම්පික් කමිටුව (SASCOC) විසින් ජගත් ක්‍රිකට් කවුන්සලයට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, පසුගියදා ඔවුන් විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් එහි පාලනය සියතට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්.

එම ලිපිය ඔස්සේ ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම මැදිහත් වීම කිසිසේත් රජයේ මැදිහත් වීමක් ලෙස සැලකිය නොහැකි බවයි.

“අපගේ මැදිහත් වීම රජයේ මැදිහත් වීමක් ලෙස චෝදනා කිරීම SASCOC ප්‍රතික්ෂේප කරනවා.”

යනුවෙන් එම ලිපියේ සදහන්.

“කිසිදු අවස්ථාවක SASCOC රටේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ රජයේ, මග පෙන්වීම යටතේ හෝ පාලනය යටතේ කටයුතු කර නැහැ.”

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ද මේ වන විට මෙම මැදිහත් වීමේ වලංගුභාවය සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

අයි.සී.සී නීති ප්‍රකාරව කිසිදු ක්‍රිකට් ආයතනයක් සදහා රජයේ මැදිහත්වීමක් සිදු විය නොහැකියි.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජාත්‍යන්තර තරග තහනම් වීමේ අවධානමක් ද මේ වන විට මතුව තිබෙනවා.

Leave a comment
x