Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ක්‍රිකට් අත්හිටුවයි – ක්‍රිකට් තහනමක් පැනවෙන ලකුණු

දකුණු අප්‍රිකානු ඔලිම්පික් කමිටුව විසින් එරට ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ඔලිම්පික් කමිටුව විසින් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය භාර ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට ලිඛිතව දන්වා ඇත්තේ සියලු පරිපාලන කටයුතුවලින් ඉවත් වන ලෙසයි.

ක්‍රිකට් ආයතනයේ කටයුතු පිළිබද විමර්ශනයක් සිදු කිරීමට කාර්යය කණ්ඩායමක් ද පත් කිරීමට නියමිත බව සදහන්.

කෙසේ වෙතත්, මෙලෙස ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවීමට ගත් තීරණය ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සලයේ නීතිවලට පටහැනි වනවා.

අයි.සී.සී නීති ප්‍රකාරව කිසිදු ක්‍රිකට් ආයතනයක් සදහා රජයේ මැදිහත්වීමක් සිදු විය නොහැකියි.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජාත්‍යන්තර තරග තහනම් වීමේ අවධානමක් ද මේ වන විට මතුව තිබෙනවා.

 

Leave a comment