Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා කණ්ඩායම අයර්ලන්ත තරග සංචාරයක – කාලසටහන මෙන්න

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩයමේ එළඹෙන තරග වාරයට අදාළ තරග කාලසටහන අද(15) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේ දේශයට එරෙහිව එළඹෙන තරග වාරයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම ජූලි මාසයේ දී අයර්ලන්ත තරග සංචාරයේ නිරත වන්නේ එක්දින සහ 20යි 20 තරග 3 බැගින් ක්‍රීඩා කිරීම සදහායි.

සිම්බාබ්වේ කණ්ඩායමේ අයර්ලන්තය තරග සංචාරයේ දී ද කණ්ඩායම් දෙක අතර එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වෙනු ඇති.

ඊට අමතරව පාකිස්තානයට එරෙහිව තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

අයර්ලන්ත කණ්ඩායම ජූනි මාසයේ දී නෙදර්ලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

තරග කාලසටහනට අයත් සියලු එක්දින තරග ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් තරග වනවා.

තරග කාලසටහන –

  • 4 June: Netherlands vs Ireland, 1st ODI
  • 7 June: Netherlands vs Ireland, 2nd ODI
  • 9 June: Netherlands vs Ireland, 3rd ODI

Ireland v South Africa series :

  • 11 July: Ireland vs South Africa, 1st ODI (Malahide)
  • 13 July: Ireland vs South Africa, 2nd ODI (Malahide)
  • 16 July: Ireland vs South Africa, 3rd ODI (Malahide)
  • 20 July: Ireland vs South Africa, 1st T20I (Malahide)
  • 22 July: Ireland vs South Africa, 2nd T20I (Stormont)
  • 25 July: Ireland vs South Africa, 3rd T20I (Stormont)

Ireland v Zimbabwe series :

  • 6 August: Ireland vs Zimbabwe, 1st ODI (Stormont)
  • 8 August: Ireland vs Zimbabwe, 2nd ODI (Stormont)
  • 11 August: Ireland vs Zimbabwe, 3rd ODI (Stormont)
  • 15 August: Ireland vs Zimbabwe, 1st T20I (Bready)
  • 17 August: Ireland vs Zimbabwe, 2nd T20I (Bready)
  • 20 August: Ireland vs Zimbabwe, 3rd T20I (Bready)
Leave a comment