Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව ලකුණු 29ක් ඉදිරියෙන් – Day 3 Report

ADVERTISEMENT

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(28) නිමා වුණා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 187ක්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 74ක් සහ රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පාකිස්තානය වෙනුවෙන් යසීර් ශාහ් කඩුලු 3ක් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 378ක්.

ෆවඩ් අලාම් ලකුණු 109ක්, අසාර් අලී ලකුණු 51ක් සහ ෆහීම් අශ්රෆ් 64ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

කාගිසෝ රබාඩා සහ කේෂාව් මහරාජ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

කරච්චිහි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 220ක් රැස් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට සිය දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 29ක්.

Leave a comment
x