Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව ලකුණු 79ක් පිටුපසින්

Day 2 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(27) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 317ක්.

නොදැවී පන්දුව පහර දෙමින් සිටි ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 55ක් සහ ටෙම්බා බවුමා ලකුණු 41ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ඩීන් එල්ගර් ලකුණු 95ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 68ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 141ක්.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, දසුන් ශානක සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

කසුන් රාජිත පන්දුවාර 2.1ක් යොමු කිරීමෙන් පසුව ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

අද දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවි ලකණු 340ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 396කට සීමා වුණේ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 85න් සහ ධනංජය ද සිල්වාගේ ලකුණු 79න් ශක්තිමත් වෙමින්.

සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක නොදැවී ලකුණු 66යි.

පන්දු යැවීමේ ලුතෝ සිපම්ලා කඩුලු 4ක් සහ වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 79ක්.

Leave a comment