Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව ජයග්‍රහනයට ලකුණු 243ක් පිටුපසින් – Day 4 Report

ADVERTISEMENT

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(7) නිමා වුණා.

ඒ වන විට ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 127ක්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 59ක් සහ රසී වැන් ඩර් ඩුසේන් ලකණු 48ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

රාවල්පින්ඩිහි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවි ලකුණු 272ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 201ක් රැස් කළා.

අනතුරුව පාකිස්තානය සිය දෙවන ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 298ක්.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට ජයග්‍රහනයට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 243ක්.

Leave a comment