Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවත් ආබාධ අර්බුදයට මුහුණ දෙයි

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක Glenton Stuurman ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ඔහු වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

“Glenton Stuurman has been released from the Proteas Test squad after suffering a left quadriceps muscle strain” යනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණා.

දකුණු උරහිසෙහි ආබාධයකට ලක්ව සිටින Migael Pretorius සංචිතයෙන් ඉවත් කිරීමට ද මීට පෙර පියවර ගැණුනා.

මේ අතර, දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කැදවීමට පසුගියදා එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා.

එමෙන්ම ආබාධයකට ලක්ව සුව අතට පත් වූ කාගිසෝ රබාඩා ද සංචිතයට නම් කිරීමටයි පියවර ගනු ලැබුවේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment